14 October 2025

logo

ගල්කිස්ස පොලීසියේ PCට ස්ථාන මාරුවක්



ගල්කිස්ස අධිකරණ භූමියේදී නීතිඥවරයෙක් සමඟ ඇතිවූ සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා ගල්කිස්ස පොලිස් ස්ථානයේ සිට පිළියන්දල පොලිස් ස්ථානයට මාරු කර තිබෙනවා. 

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් සඳහන් කළේ අද (14) සිට ක්‍රියාත්මක වන පරිදි එම ස්ථාන මාරුවීම ලබාදී ඇති බවයි. 

ගල්කිස්ස අධිකරණ භූමියේදී නීතිඥවරයෙක්ට පහරදුන් බවට චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පොලිස් කොස්තාපල්වරයා ඊයේ (13) ඇප මත මුදා මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. 

පසුගිය සිකුරාදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී නීතිඥවරයෙක් හා පොලිස් කොස්තාපල්වරයෙක් අතර ඇති වු බහින් බස්වීමකදී පොලිස් කොස්තාපල්වරයා විසින් අදාල නීතිඥවරයාට පහරදීමක් සිදුකර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. 

(colombotimes.lk)