ලෝක වෙළඳ සංවිධානයේ ශ්‍රී ලංකාවේ වෙළඳ ප්‍රතිපත්ති සමාලෝචනය සහ එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධනය පිළිබඳ 16වන සැසිවාරය සඳහා වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහභාගිවීමට නියමිතව තිබෙනවා.
එම සැසිවාරය හෙට (15) සිට 20වනදා දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
නව රජය බලයට පත්වීමෙන් පසු පැවැත්වෙන පළමු වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය මෙය වනවා.
ලෝක වෙළඳ සංවිධානය යටතේ ඇති සාමාජික රටවල වෙළඳ ප්‍රතිපත්ති රාමු පිළිබඳව සාකච්ඡා කිරීම හා ඒවායේ විනිවිදභාවය තහවුරු කිරීම මෙහිදී සිදු කරන බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ වෙළඳ හා ප්‍රතිපත්ති ප්‍රගතිය පිළිබඳව WTO සාමාජිකයන් සමඟ සාකච්ඡා කරන මෙම සමාලෝචන සැසිවල මුලසුන වෙළඳ අමාත්‍යවරයා විසින් දරනු ලබනවා.
(colombotimes.lk)