20 October 2025

logo

ජනපතිගෙන් දීපවාලි දිනයට සුබ පැතුම් පණිවිඩයක්



දීපවාලිය සැබැවින්ම ආලෝක පූජාවක් වන අතර ඒ වෙනුවෙන් සෑම නිවසක්ම එළි කරමින් දැල් වෙන පහන් සිළෙන් මෙරට ජනතාව 'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' කෙරෙහි තැබූ අපේක්ෂා ඉටු වේවායි ජනාධිපති අනුර කුමාර දිසානායක සුබ පැතුම් එක් කර තිබෙනවා. 

ජනාධිපතිවරයා සඳහන් කළේ මේ වන විට අප අභිමුවේ දැවැන්ත අභියෝගයක් මෙන්ම, මෙරට ඉදිරි ගමනට අකුල් හෙළන විසල් බාධකයක්ව පවතින මත් උවදුර සහ අපරාධ මැඬලීමට රජය මහත් වෑයමක නිරතවී සිටින බවයි. 

පුරවැසියන්ගේ පමණක් නොව මෙහි පැමිණෙන සියලු ජනයාගේ ශාරීරික, මානසික, භෞතික සහ චිත්තවේගීය සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා වන වගකීම වෙනුවෙන් රජයක් ලෙස උර දී සිටින බව ද ජනාධිපතිවරයා එම පණිවිඩයේ සඳහන් කර තිබෙනවා. 

එමෙන්ම සියලු ආගම්වාදී, ජාතිවාදී බලවේග පරාජය කරමින් සමාජ සාධාරණත්වය ස්ථාපිත කිරීමටත් සියලුදෙනාගේ නිදහස සහ ගෞරවය සුරකින සුරක්ෂිත රටක් ගොඩනැගීමටත් අප කැප වී ක්‍රියා කරන බවද අදාළ නිවේදනයේ සඳහන්. 

(colombotimes.lk)