මිනිස් පරිභෝජනයට නුසුදුසු කරවල තොගයක් තුළ සඟවා ප්‍රවාහනය කරමින් තිබූ මත්කරල් 359,000ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වව්නියාව පොලීසිය විසින්.
වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 23ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)