නිකවැරටිය පොලිස් වසමේ පින්නපොලේගම ප්‍රදේශයේදී පුද්ගලික ඉඩමක් තුළ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නිකවැරටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20, 32 හා 51ක් වන නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)