22 November 2025

logo

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය වැලිගමට සීමාවෙයි



මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු වැලිගම දක්වා සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ ඊයේ (21) පස්වරු 02.05ට මාතර සිට මරදාන දක්වා ධාවන වූ මන්දගාමී දුම්රියක් කඹුරුගමුව හා වැලිගම දුම්රිය ස්ථාන අතර පීලි පැනීමට ලක්වීම හේතුවෙන්. 

දුම්රිය කාර්යමණ්ඩලය නැවත එහි පීලිගත කිරීම් සිදු කළ නමුත් එම දුම්රිය නැවත එම ස්ථානයේම පීලි පැනීමකට ලක්වී තිබෙනවා. 

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම දුම්රිය යළිත් පීලිගත කිරීමේ කටයුතු මේ වන විටත් සිදු වන බවයි. 

මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු කොළඹ සිට වැලිගම දක්වා සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

(colombotimes.lk)