කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් හෙට (23) පස්වරුව දක්වා වසා තබන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම් හේරත් ප්‍රකාශ කළා.
ඒ සිද්ධිය සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට අද (22) පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය වසා දැමීමට පියවර ගැනුණා.
දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ එම අනතුර සිදු වූ මාර්ගය තවදුරටත් විවෘත කළ නොහැකි වී ඇත්තේ නායයෑම සිදු වූ ස්ථානය ආශ්‍රිතව විශාල ගලක් කොන්ක්‍රීට් කණු අතර තිබීම හේතුවෙන් එය කුමන හෝ අවස්ථාවක පහළට පැමිණීමේ අවදානමක් පවතින බවයි.
(colombotimes.lk)
