04 November 2025

logo

අධික රුධිර පීඩනයට අලුත් බෙහෙතක්



අධික රුධිර පීඩනය පාලනය කිරීම සඳහා නව ඖෂධයක් නිෂ්පාදනය කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාගම වෛද්‍ය පීඨයේ වෛද්‍ය කණ්ඩායමක් සමත්වී තිබෙනවා. 

අධික රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන් සඳහා ලබාදෙන ත්‍රිත්ව පෙති මාත්‍රාව වෙනුවට එක් පෙත්තක් මෙලෙස නිපදවා ඇති බවයි වාර්තා වන්නේ. 

අධික රුධිර පීඩනය හේතුවෙන් රුධිර වාහිනී පිපිරීයාමෙන් සිදුවිය හැකි අංශභාගී රෝගී තත්ත්වය 60%කින් පමණ මෙම ඖෂධය ලබා ගැනීමෙන් වළක්වා ගැනීමට හැකිවී ඇති බව ද සිදු කළ සමීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා. 


(colombotimes.lk)