06 July 2025

logo

බදු ගෙවීමට නව විද්‍යුත් ක්‍රමවේදයක්



බදු ගෙවීමේ ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම කිරීමට විද්‍යුත් ක්‍රමවේදයක් සහිත වැඩපිලිවෙලක් සකසන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, එය ලබන සතියේදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

එම ක්‍රමවේදය සඳහා දැනට බදු අයකර ගැනීමේදී ඇති දුර්වලතා සහ අඩුපාඩු කඩිනමින් සකස් කිරීමට ද කටයුතු කරන බව ඔහු කියා සිටියා.

රංජිත් සියඹලාපිටිය අමත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (28) උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
(colombotimes.lk)