24 February 2026

logo

ගාසා තීරයට නව සාම සැලැස්මක්



ගාසා තීරය සඳහා නව සාම සැලැස්මකට එකඟ වී ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රයල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. 

ඔවුන් සඳහන් කළේ අදාළ සැලැස්ම සඳහා එකඟවන ලෙස හමාස් සංවිධානයට අනතුරු අඟවන බවයි. 

මෙම නව සාම සැලැස්ම මඟින් හමුදා මෙහෙයුම් වහාම නතර කිරීමට යෝජනා කර ඇති අතර පැය 72ක් ඇතුළත ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20දෙනෙක් නිදහස් කිරීමට යෝජනා කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු ධවල මන්දිරය විසින් හමාස් සංවිධානයට කරුණු 20ක් ඇතුළත් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි. 

(colombotimes.lk)