06 July 2025

logo

නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් ඉදිරියේදී



නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වාදෙන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා පවසනවා.

දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් මෙලෙස රජය විසින් හඳුන්වාදීමට නියමිතව ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

එම ක්‍රමවේදය ක්‍රියාත්මක කළ ලෝකයේ රටවල් රැසක් මේ වන විට ඉතා සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බව ද ඔහු කියා සිටියා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
(colombotimes.lk)