15 October 2025

logo

බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී අනතුරක්



කිතුල්ගල සිට අවිස්සාවේල්ල කරමාන්ත පුරය දක්වා සේවකයින් ප්‍රවාහනය කළ පුද්ගලික බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අද (15) උදෑසන අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ යටියන්තොට නැවට ප්‍රදේශයේදීයි.

අදාළ අනතුරෙන් පුද්ගලයින් 20දෙනෙක් සුළු තුවාල ලබා කරවනැල්ල හා කිතුල්ගල රෝහල්වලට ඇතුලත් කර තිබෙනවා.

එම බස් රථය නවතා තිබියදී ලොරි රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අදාළ ලොරි රථයේ රියදුරු යටියන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

(colombotimes.lk)