තෙත වී මිලදී ගැනීම සඳහා රජය අතරමැදියන් හරහා නව වැඩපිළිවෙළක් සකස් කර ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.
ඔහු කියා සිටියේ දිස්ත්‍රික්ක රැසක යල කන්නයේ වී අස්වැන්න නෙළීම මේ වන විට ආරම්භ කර ඇති බවයි.
මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය රුපියල් කෝටි 600ක මුදලක් වෙන් කර ඇති අතර 2024 - 2025 මාස් කන්නයේදී කළ මිල නියාමනයට අනුව මෙවරත් වී මිලදී ගැනීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120ටත්, සම්බා වී කිලෝවක් රුපියල් 125ටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132ටත් මිල දී ගැනීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)