06 February 2025


ජනාධිපතිවරයාගේ UAE සංචාරය ගැන දැනුම්දීමක්



ජනාධිපති අනුර කුමාර දිසානායක එළඹෙන 10 වනදා සිට 13 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති E Mohamed Bin Zayed Al Nahyanගේ ආරාධනාවක් මත ජනාධිපතිවරයා 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වන බවයි.

එම සංචාරයේදී ජනාධිපතිවරයා '2025 ලෝක රාජ්‍ය සමුළුව' ඇමතීමට නියමිත අතර එරට ජනාධිපතිවරයා මෙන්ම තවත් රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් සමඟ සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබෙනවා.

(colombotimes.lk)