15 July 2025

logo

පළාත් හතරක ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දීමක්



සබරගමුව, ඌව, උතුරු හා නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම්දී තිබෙනවා. 

ජනාධිපතිවරයෙකු ඉවත් වූ විට ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වීම සාමාන්‍ය සම්ප්‍රදායක් බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවා. 
 
එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් වී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වී මාස කිහිපයක් ගත වී ඇතත් එම ආණ්ඩුකාරවරුන් ධුරවලින් ඉල්ලා අස් වී නොමැති බව ප්‍රකාශ කර තිබෙනවා. 
 
මෙම ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස් වූ පසු නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කෙරෙනවා. 
 
ඇතැම් ආණ්ඩුකාරවරුන් ඉවත් කරන ලෙස එම පළාත්වල මන්ත්‍රීවරුන් දිගින් දිගටම ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි ද ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළා.
(colombotimes.lk)