හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 83ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු කළ විත්තිකරුවෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදීමට නියම කර තිබෙනවා.
ඒ කොළඹ මහාධිකරණය විසින්.
කොළඹ පූර්වගාමී මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් තීන්දුව ලබාදී තිබෙනවා.
කොළඹ, බොරැල්ල ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 83.7ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබෙන බවයි වාර්තා වන්නේ.
දීර්ඝ විභාගයකින් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී තිබෙන බවයි.
(colombotimes.lk)
