ජනප්‍රිය ගායන ශිල්පිනි නිරෝෂා විරාජිනි මහත්මියගේ මාළඹේ ප්‍රදේශයේ නිවෙසට අයුතු ලෙස ඇතුළුවීමේ චෝදනාව යටතේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවකු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුඅව හෙට (14) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් කමල් විජේසිරි මහතා නියෝග කළා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 35ක තැනැත්තෙක්.
මොහු මීට පෙර අවස්ථා කිහිපයකදීම ගායන ශිල්පිනියගේ නිවෙසට ඇතුළුවීමට උත්සාහ දරා තිබෙන බවයි මාළඹේ පොලීසිය පැවසුවේ.
ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි පිළිබඳ දීර්ඝ ලෙස විමර්ශනයක් කළ මාළඹේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රසාද් රත්නායක මහතා ප්‍රමුඛ කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.
(colombotimes.lk)