02 January 2026

logo

පාසල් දරුවන්ට නොමිලේ ලබාදීමට සැලසුම් කළ දෙයක් ගැන දැනුම්දීමක්



පාසල් ළමුන් 250ට අඩු පාසල් සඳහා ලබාදෙන වවුචර්ය වෙනුවට දේශීයව නිෂ්පාදිත පාවහන් බෙදාදීම සඳහා සකස් කර ඇති නියමු ව්‍යාපෘතියේ ගිවිසුම් අත්සන් කිරීමේ සාකච්ඡාවකට ඊයේ (01) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එක් වී තිබෙනවා. 

මෙම ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ කර්මාන්ත හා ව්‍යවසාය අමාත්‍යාංශයේ සාමූහිකත්වයෙන් සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී පැමිණ සිටි දේශීය පාසල් පාවහන් නිෂ්පාදකයන් සමඟ නිල වශයෙන් ගිවිසුම් අත්සන් කිරීමක් සිදු වී තිබෙනවා. 

අග්‍රාමාත්‍යවරිය එහිදී අදහස් දක්වමින් සඳහන් කළේ කිසිඳු දරුවෙක් මඟනොහැරෙන සේ අධ්‍යාපනය තහවුරු කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය සතු වගකීමක් බවයි.

එහිදී දරුවන්ගේ සුබසාධන කටයුතු මඟනොහැරිය හැකි කොටසක් බවත්, මෙය පාසල් දරුවෙක්ට දෙන සපත්තු 02ක් පමණක් නොව සෑම දරුවෙක්ටම සමාන අධ්‍යාපන අයිතිවාසිකම් හිමිකරදීම සඳහා වූ රාජ්‍ය සැලැස්මේ කොටසක් වන බවත් අග්‍රාමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)