මෙම මාසය තුළ ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකිරීමට තීරණය කර තිබෙනවා.
එම සමාගමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වය අනුව ගෑස් මිලෙහි වැඩිවීමක් අවශ්‍ය වුවද රට තුළ පවතින තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් මෙම අවස්ථාවේ මිල සංශෝධනයක් සිදු නොකරන බවයි.
ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ලෙස සටහන් වී තිබෙනවා.
(colombotimes.lk)
