6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයකට නුසුදුසු වෙබ් අඩවියක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් අමාත්‍යාංශයට පැමිණ එම පරීක්ෂණ ආරම්භ කළ බවයි.
ඒ අනුව 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයේ ඇති නුසුදුසු වෙබ් අඩවිය පැවති කොටස ඉවත් කර සිසුන් වෙත බෙදා හැරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළා.
(colombotimes.lk)
