02 January 2026

logo

ඩිජිටල් විද්‍යුත් බස් ගාස්තු ක්‍රමය ලංගමටත්



රට පුරා හඳුන්වාදෙන නව්‍ය ඩිජිටල් විසදුම් යටතේ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා නව වැඩසටහනක් ඊයේ (01) ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් හඳුන්වාදී තිබෙනවා. 

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශකත්වය මත ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රවාහන සේවය තවත් ශක්තිමත් කිරීමත්, මගීන් සහ කොන්දොස්තරවරුන් අතර විනිවිදභාවය තවදුරටත් තහවුරු කිරීම මෙහි අරමුණ වී තිබෙන බවයි වාර්තා වන්නේ.
 
මගීන්ගේ පහසුව වෙනුවෙන් විද්‍යුත් කාඩ්පත් හරහා ගෙවීම් සිදු කිරීමේ ව්‍යාපෘති වැඩසටහන ඊයේ (01) මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානයේදී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්නගේ ප්‍රධානත්වයෙන් සිදු වී තිබෙනවා. 


(colombotimes.lk)