02 January 2026

logo

ස්විස්ටර්ලන්තයේ සිට ආධාර රැගත් ගුවන්යානයක් දිවයිනට



ස්විට්සර්ලන්තයේ සිට ආපදා ආධාර තොගයක් රැගත් ගුවන්යානයක් අද (06) පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ජල පිරිසිදුකරණයන් සහ ඒවායේ ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය තවත් උපකරණ රැසක් මෙම ආධාර තොගයේ අඩංගු බවයි වාර්තා වන්නේ.

මෙට්‍රික් ටොන් 2.6ක් බරැති මෙම ආධාර තොගය ඇසුරුම් 17කින් සමන්විත වනවා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත නියෝජ්‍ය තානාපති ඔලිවියර් ප්‍රාස්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක්ද ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)