වතු සේවකයින්ට ජනපතිගෙන් පොරොන්දුවක්



වතු සේවකයින්ගේ දෛනික වැටුප සම්බන්ධයෙන් තමා සොයා බලන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් සමාගම් සහ වෘත්තීය සමිතිවල අදහස් සොයා බලන බවයි.

අද පෙරවරුවේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු යායේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී හමු වූ ජනතාව සිදු කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පවසා තිබුණා.
(colombotimes.lk)