නවදිල්ලියේ නේවාසිකව සිටින මෙරට ස්වීඩන තානාපති ජෑන් තෙස්ලෙෆ් සහ විදේශ කටයුතු, අමාත්‍ය විජිත හේරත් අතර හමුවක් ඊයේ (03) සිදු වී තිබෙනවා.
ඒ එම අමාත්‍යාංශයේදීයි.
එහිදී ගත වූ වසරක කාලය තුළ රජය ලබා දී ඇති ප්‍රගතිය පිළිබඳව අමාත්‍ය විජිත හේරත් විසින් ස්වීඩන තානාපතිවරයා දැනුවත් කර තිබෙනවා.
එමෙන්ම එහිදී අමාත්‍යවරයා ස්වීඩනය ශ්‍රී ලංකාවේ දියුණුව සඳහා ඉතිහාසය පුරා කර ඇති සේවය හා ව්‍යාපාරික අංශයේ කර තිබෙන ආයෝජන පිළිබඳව ද අගය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමටත්, අලුත් ආයෝජන අවස්ථා ස්වීඩන ව්‍යාපාරිකයන් මඟින් ඇති කිරීමටත් ස්වීඩන රජයේ සහාය ද එහිදී ඔහු ඉල්ලා තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ හා ඛණිජ හා කැනීම් කටයුතුවල ආයෝජන අවස්ථා රැසක් පවතින බැවින් එම අවස්ථා කෙරෙහි ආයෝජකයන් උනන්දු කරවන ලෙස ද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකා රජයේ ස්ථිරසාර හා අධිෂ්ඨානශීලී පියවරයන් ස්වීඩනය විමසිල්ලෙන් බලා සිටින බව ද තව තවත් ආයෝජන ශ්‍රී ලංකාවට රැගෙන ඒමට අදාළ ආයතන සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද මෙම හමුවේදී තානාපතිවරයා දැනුම්දී තිබෙන බවයි සඳහන් වන්නේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ කුරුදු ස්වීඩනය තුළ පරිභෝජනය කරන බවත් කුරුදු යොදාගනිමින් ආහාර පාන වර්ග සකස් කරන බැවින් ශ්‍රී ලංකාවේ කුරුදු ස්වීඩනයට ආනයනය කිරීම තව තවත් ඉහළ යා හැකි බවද ඔහු එහිදී පෙන්වා දී තිබෙනවා.
එහිදී ඔහු කියා සිටියේ දැනට ස්වීඩන සංචාරකයක් වාර්ෂිකව 14000ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.
(colombotimes.lk)
