16 October 2025

logo

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයෙන් රතු එළියක්



සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද (06) සිට තවදුරටත් තීව්‍ර කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා. 

එහි විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ සඳහන් කළේ ඒ අනුව විදුලි බල මණ්ඩලයේ ඉහළ නිළධාරීන් සමඟ සිදු කරන වැඩකටයුතු අද (06) සිට නතර කරන බවයි. 

සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන බව ධනුෂ්ක පරාක්‍රමසිංහ සඳහන් කළා. 

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සඳහන් කළේ යළිත් වරක් විදුලි ගාස්තු ඉහළ දැමීමට රජය ගෙන යන වැඩපිළිවෙළට විරෝධය පළ කරන බවයි.
 
එහි සභාපති එම්. ඩී ආර් අතුල කොළඹ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා. 

ලංකා විදුලි බල මණ්ඩල නව සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ සඳහන් කළේ කිසිසේත් මේ මොහොතේ විදුලි ගාස්තු ඉහළ දැමීමට අවශ්‍යතාවක් නොමැති බවයි.

(colombotimes.lk)