ආපදා තත්ත්වය හේතුවෙන් නතර කළ උසස් පෙළ විභාගයේ පළමු අදියරේ ප්‍රශ්න පත්‍ර ඇගයීමේ කටයුතු යළි ආරම්භ කර තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවෙනි අදියර එළඹෙන 27වනදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.
එමෙන්ම අයහපත් කාලගුණය හේතුවෙන් කල් දැමූ උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ලබන වර්ෂයේ ජනවාරි මුලදී පවත්වන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
