10 May 2026

logo

කොළඹ කොටස් වෙළඳපොළෙන් වාර්තාවක්



ඉතිහාසයේ පළමු වතාවට කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (04) ඒකක 23,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

දෛනික ගනුදෙනු සැසියක් අතරතුරදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,000 සීමාවට පැමිණි පළමු අවස්ථාව මෙය වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අද (04) පෙරවරු 09.38 වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,001.27ක් ලෙස සටහන් වී තිබෙනවා.  

(colombotimes.lk)