10 May 2026

logo

යාල්දේවී දුම්රිය හෙට සිට නැවත ධාවනයට



කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන යාල්දේවී දුම්රිය හෙට (11) දින සිට නැවත ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල දුම්රිය ගමන් කරන අතර කන්කසන්තුරය සිට කොළඹ කොටුව දක්වා අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා යන දිනවල එම දුම්රිය ගමන් කරන බවයි.

වායු සමනය කළ පළමු පංතියේ මැදිරි 04කින් සමන්විත මෙම දුම්රියේ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් හෝ ආසන වෙන්කිරීමේ පහසුකම සලසා ඇති දුම්රිය ස්ථානයකට පැමිණීමෙන් ප්‍රවේශ පත්‍ර වෙන්කරගත හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)