වසා දැමුණු දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් 04ක් තවදුරටත් වසා තැබීමට තීරණය කර තිබෙනවා.
ඒ පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වයක් හේතුවෙන්.
සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය මත රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිශාකා හෙට්ටිගොඩ ප්‍රකාශ කළා.
ඒ අනුව දෙනියාය මධ්‍ය විද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ විද්‍යාලය හෙට (11) සහ අනිද්දා (12) වසා තැබීමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
