ලොරි රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (10) මාරක අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ මහනුවර - මහියංගනය ප්‍රධාන මාර්ගයේ උඩදුම්බර, නිසරුව ප්‍රදේශයේදීයි.
එම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු උඩුදුම්බර රෝහලට ඇතුළත් කර තිබුණද මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය යතුරුපැදිකරු වයස අවුරුදු 40ක් වන පුද්ගලයෙක්.
පොලීසිය අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.
(colombotimes.lk)
