10 May 2026

logo

හෂීස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් කොටුවෙයි



හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04 ග්‍රෑම් 778ක් මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළින් පිටකරගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් අද (10) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24ක් වන කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් හාර කෝටි හැත්තෑ හත් ලක්ෂ අසූ දහසකට ආසන්න වන බවයි වාර්තා වන්නේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කළේ අදාළ සැකකරු අද (10) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගනිමින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිත බවයි.

(colombotimes.lk)