17 November 2025

logo

අල්ලස් ගත් පොලිස් සැරයන්වරයෙක් රිමාන්ඩ්



කල් ඉකුත්වූ රක්ෂණ සහතිකයක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා යතුරු පැදි කරුවෙකුගෙන් රුපියල් 5,000ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන පොලිස් සැරයන්වරයෙක් ලබන 02වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (17) නියෝග කර තිබෙනවා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින්.

(colombotimes.lk)