මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 20 සීමාව අද (17) ඉක්මවා ගොස් තිබෙනවා.
අද පස්වරු 1.30ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට පැමිණි යූ.එල්- 504 දරන ශ්‍රීලන්කන් ගුවන් යානයෙන් පැමිණි යුවළත් සමඟ මෙරට සංචාරක සීමාව මෙලෙස ලක්ෂ 20 ඉක්මවා ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
එලෙස මෙරටට පැමිණි විදෙස් ජාතික රෆායෙල් කැරොන්ට සහ ඔහුගේ බිරිඳ වන ක්ලෙයා චාලට් යන අයට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි පසු උණුසුම් පිළිගැනීමක් ද හිමි වී තිබෙනවා.
ඔවුන් දෙදෙනා ප්‍රංශයේ පැරිස් නුවර පදිංචිකරුවන් වන අතර සති 02ක කාලයක් මෙරට රැඳී සිටීමට නියමිතයි.
(colombotimes.lk)
