26 March 2025


කාන්තා හිංසනය ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්



මෙරට කාන්තාවන්ගෙන් 90%ක් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ පොදු ප්‍රවාහනයේදී ලිංගික හිංසනයට මුහුණ දෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

ඇය සඳහන් කළේ ස්ත්‍රී පුරුෂ විෂමතා දර්ශකයේ රටවල් 146ක් අතුරින් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 122වන ස්ථානය බවයි.

ස්ත්‍රි පුරුෂභාවය, ආගම, ජාතිය හා වයස ඉක්මවා යන සමාජ අභියෝගයක් බවද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ විශ්වවිද්‍යාල සිසුන්ගේ සියයට 60%කට වඩා වැඩි ප්‍රමාණයක් කාන්තාවන් වුව ද වැටුපක් ලබන ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය 35% ක් බවයි.

රැකියා අවස්ථා තුළින් ආර්ථිකයට දායකවීමට කාන්තාවන්ට හැකියාව ඇති බව සහතික කිරීමට නිසි ක්‍රමවේදයක් අවශ්‍ය බවද ඇය වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)