18 August 2025

logo

සෙලෙන්ස්කිගේ සහායට යුරෝපීය නායකයන් එක්වෙයි



යුක්රේන ජනපති Volodymyr Zelensky හා ඇමරිකානු ජනාධිපති Donald Trump අතර හෙට (18) ධවල මන්දිරයේ පැවැත්වීමට නියමිත සාකච්ඡාවට යුරෝපීය රාජ්‍ය නායකයන් ද එක්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස්, ෆින්ලන්ත ජනාධිපති ඇලෙක්සැන්ඩර් ස්ටබ්, ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනි හෙට (18) වොෂින්ටනයට යාමට නියමිත බවයි. 

එමෙන්ම යුරෝපීය සංගමයේ සභාපතිනි උර්සුලා වොන්ඩර් ලේන් හා නේටෝ මහලේකම් මාර්ක් රූට් යන පුද්ගලයන්ද මේ සඳහා සහභාගී වීමට නියමිතව තිබෙනවා. 

රුසියාව සහ යුක්රේනය අතර සටන් විරාමයක් ඇති කර ගැනීම වෙනුවෙන් ඇමරිකානු ජනාධිපතිවරයා හා රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පසුගිය සිකුරාදා (15) පැවැත් වූ සාකච්ඡාවේ කරුණු දැනගැනීම සඳහා සෙලෙන්ස්කි මෙලෙස ඇමරිකාවට යාමට නියමිතයි. 

මෙම තීරණාත්මක සාකච්ඡාවෙන් පසු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, යුක්රේන සහ යුරෝපා රටවල නායකයන් කිහිපදෙනෙක් සමඟම දුරකථන සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා. 
  

(colombotimes.lk)