ගාසා තීරයේ සෑම දරුවන් පස් දෙනෙක්ගෙන් එක් අයෙක් මන්ද පෝෂණයෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
එමෙන්ම වයස අවුරුදු එකකට අඩු ළමුන් 40,000ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවයි වාර්තා වන්නේ.
පසුගිය පැය 24 තුළ තවත් කුසගින්න ආශ්‍රිත මරණ 04ක් වාර්තා වූ බව ගාසාහී සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.
එමෙන්ම කුසගින්නෙන් මියගිය මුළු පලස්තීනුවන්ගේ සංඛ්‍යාව 239 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 106ක් ළමුන් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)