18 August 2025

logo

කටුනායක ගුවන්තොටට පැමිණෙන මගීන්ට විශේෂ දැනුම්දීමක්



බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල රාත්‍රී 10 සිට මධ්‍යම රාත්‍රිය වන තෙක් කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ ආලින්දයට ඇතුළුවීම අත්හිටුවා තිබෙනවා.

ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම සඳහන් කළේ ඒ අනුව අදාළ කාලසීමාව තුළ පිටත්වීමේ ලොබියට ඇතුළුවීම සඳහා පහසුකම් සැපයීම අත්හිටුවන බවයි.  

කාර්යබහුල අවස්ථාවලදී ගුවන් මගීන්ගේ පහසුව සහ සේවා අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පියවර ගත් බව ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම සඳහන් කළා. 

(colombotimes.lk)