18 August 2025

logo

ගත වූ කාලයේ සිදු වූ දුම්රිය පීලි පැනීම් ගණන හෙළි කරයි



2025 වසරේ ජනවාරි 01වනදා සිට මේ දක්වා කාලය තුළ දුම්රිය පීලි පැනීම් 71ක් සිදුවී තිබෙනවා.
 
මගී දුම්රිය මාර්ගවල පීලි පැනීම් 36ක් සහ දුම්රිය අංගන තුළ පීලි පැනීම් 35ක් ඒ අතරට අයත් බවයි සඳහන් වන්නේ.

පසුගිය 2024 වසරේ දුම්රිය පීලි පැනීම් 101ක් සිදු වී තිබෙනවා.

එමෙන්ම 2023 වසරේ දුම්රිය පීලි පැනීම් 139ක් සහ 2022 වසරේ දුම්රිය පීලි පැනීම් 132ක් වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ. 



(colombotimes.lk)