18 August 2025

logo

සංචාරකයන්ගේ පැමිණීමේ දැවැන්ත වර්ධනයක්



2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 15 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ මේ දක්වා 1,500,656ක් විදෙස් සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.

අගෝස්තු මාසයේ පළමු දින 18 තුළ පමණක් සංචාරකයන් 132,368කට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණ තිබෙනවා. 

(colombotimes.lk)