මානසික සෞඛ්ය පනත කඩිනමින් ගෙන ඒමට කටයුතු කරන බව සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි ප්රකාශ කළා.
ඒ ජාතික මානසික සෞඛ්ය විද්යායතනයට වසර 100ක් සපිරීම නිමිත්තෙන් පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින්.
මෙරට මානසික සෞඛ්ය සේවාව නිවැරදි හැරවුම් ලක්ෂයක පවතින බවත් මානසික සෞඛ්ය ප්රතිපත්තිය වසර 100ක් පැරණි බවත් අමාත්යවරයා එහිදී සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එමනිසා මානසික සෞඛ්ය පනත කඩිනමින් ගෙන එන බවත් එය නව්යකරණය කිරීමේ ක්රියාදාමය මේ වන විටත් ආරම්භ කර තිබෙන බවයි.
(colombotimes.lk)
