06 November 2025

logo

විපක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හදිසි කැඳවීමක්



වත්මන් ආණ්ඩුවේ දෙවන අයවැය පිළිබඳව සහ අයවැයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට විපක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (06) විශේෂ වැඩමුළුවකට කැඳවා තිබෙනවා.

සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කළේ අද සවස 2.00ට කොළඹදී මෙම වැඩමුළුව පැවැත්වෙන බවයි. 

රටේ ආර්ථිකය, අයවැය සහ රටේ අනාගතය සම්බන්ධව මෙම වැඩමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම මෙම වැඩමුළුවේදී විද්වතුන් කිහිපදෙනෙක් විසින්ම විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට සහභාගී වීම සඳහා වැදගත් වන කරුණු රැසකින් විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් සන්නද්ධ කිරීමේ අරමුණින් මෙම වැඩමුළුව පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළා. 

(colombotimes.lk)