බන්ධනාගාරගත වන රැඳවියන් රඳවා තබා ගැනිම සඳහා තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන ඉදි කිරීමට සැලසුම් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ බන්ධනගාරගත වන පුද්ගලයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළයාම හේතුවෙන්.
දිවයින පුරා අඛණ්ඩව සිදුවන මත්ද්‍රව්‍ය වැටලීම් හේතුවෙන් මෙම තත්ත්වය මතුවී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඒ අනුව දිවයින පුරා බන්ධනගාරවල රැදවිය හැකි රැඳවියන් සංඛ්‍යාව 10350ක් බවයි වාර්තා වන්නේ.
නමුත් මේ වන විට 37 000කට ආසන්න පිරිසක් බන්ධනගාරවල රඳවා තිබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අතරින් වැඩි පිරිසක් 30 - 40 අතර වයස්වල පසුවන පුද්ගලයන් බවයි වාර්තා වන්නේ.
මේ අතර බූස්ස බන්ධනාගාරයේ ලොකු පැටී රඳවා සිටින කුටියේ තිබී ජංගම දුරකථනයක්ද සොයා ගෙන තිබෙනවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ මෙහෙයුමකදීයි.
(colombotimes.lk)
