පුත්තලම සේතපොල ප්‍රදේශය හරහා පොලිස් අණ නොතකා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් පසු පස පොලිස් නිලධාරියෙක් හඹා ගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එම අවස්ථාවේදී පොලිස් නිළධාරීයා යතුරුපැදි අනතුරකින් තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ බවයි.
අනතුරකට ලක්ව ඇත්තේ පුත්තලම කොට්ඨාස පොලිස් මහා මාර්ග යතුරුපැදි ඒකකයේ පොලිස් සැරයන්වරයෙක් බව පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)