දිවයිනට බලපෑ අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ ගංවතුර හේතුවෙන් කුඹුරු ඉඩම් දෙලක්ෂ 73 000ක් යට වී තිබෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.
එහි සභාපති සඳහන් කළේ දිස්ත්‍රික්ක 20ක ගොවින් එක් ලක්ෂ 53000කට බලපෑම් එල්ල වී ඇති බවයි.
මේ අතර “දිට්වා“ සුළි කුණාටුව හමුවේ හටගත් ආපදාවලින් හානි වූ වගාබිම්වලට වන්දි ලබාදීමේ ක්‍රියාවලිය සක්‍රීය කළ බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
