ආරක්ෂක අංශ විසින් සිදු කළ මෙහෙයුම්වලින් වැඩිම මත්ද්‍රව්‍ය තොගයක් 2025 වර්ෂයේදී සිය භාරයට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් ප්‍රකාශ කළා.
ඒ 'රටම එකට ජාතික මෙහෙයුමේ ප්‍රගතිය' සම්බන්ධයෙන් අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින්.
2024 වසරේදී හෙරෝයින්, ගංජා, අයිස්, හෂිෂ් සහ කොකේන් යන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10,871ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම අගය 2025 වසරේදී කිලෝග්‍රෑම් 23,692යි ග්‍රෑම් 307ක් වන බවත් එය තෙගුණයක වර්ධනයක් පෙන්නුම් කරන බවයි.
(colombotimes.lk)
