04 December 2025

logo

මුහුදේ අතරමං වූ නාවිකයා වැසි වතුර බී දිවි ගලවා ගනියි (VIDEO)



පැසිෆික් සාගරයේ මාස දෙකක කාලයක් අමු මාළු අනුභව කිරීමෙන් සහ වැසි ජලය පානය කිරීමෙන් දිවි ගලවා ගත් ඕස්ට්‍රේලියානු නාවිකයෙකු බේරා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

එමෙන්ම ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව ද සඳහන්. 
 
Sydney හි පදිංචි 51 හැවිරිදි Tim Shaddock සහ ඔහුගේ Bella නැමැති සුනඛයා පසුගිය අප්‍රේල් මාසයේදී මෙක්සිකෝවෙන් ප්‍රංශයේ පොලිනීසියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. 
 
එහිදී ඔවුන්ගේ බෝට්ටුව කුණාටුවකට හසුවී ඇති බවයි වාර්තා වන්නේ. 
 
පසුව හෙලිකොප්ටරයකින් ඔවුන්ව දැක දැනුම්දීමකින් පසු මේ සතියේ ට්‍රෝලර් යාත්‍රාවක් මගින් ඔවුන්ව බේරා ගත් බව සඳහන් වනවා.
(colombotimes.lk)