ත්‍රිකුණාමල ශ්‍රී සුමේධංකර මහා විද්‍යාලයේ අද (06) පාසල් ආරම්භ වී විනාඩි කිහිපයකට පසු හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එම ගින්නෙන් පුස්තකාලයේ පොත් සම්පූර්ණයෙන්ම විනාශ වූ බවයි.
නව විදුහල්පති තනතුරේ රාජකාරී ආරම්භ කර සුළු වේලාවකට පසු පුස්තකාලයේ ගින්නක් හටගත් බව එම පාසලේ නව විදුහල්පති බී.ටී.සරත් කුමාර සඳහන් කළා.
විදුහල්පතිවරයා කියා සිටියේ ක්ෂණිකව ගිනි නිවන ඒකකයට ඒ බව දැනුම්දී ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළත් පුස්තකාලයේ පොත් සියල්ල විනාඩි කිහිපයක් තුළ ගිනිගෙන විනාශ වූ බවයි.
(colombotimes.lk)
