06 November 2025

logo

යෝෂිත සහ ඩේසි ආච්චිගේ නඩුවකට දිනදෙයි



මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් 12වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (06) නියම කර තිබෙනවා. 

ඒ මෙම නඩුව අද මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.  

මෙහිදී පැමිණිල්ල විසින් මෙම නඩුකරයට අදාළ ලේඛන කිහිපයක් විත්ති පාර්ශවයට භාරදී තිබෙනවා. 

එලෙස ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන 12වනදා  කැඳවන ලෙස නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.

(colombotimes.lk)