06 November 2025

logo

බස් රථයක් මතට ගසක් කඩා වැටෙයි - 10ක් රෝහලට



දෙල්තොට - මහනුවර මාර්ගයේ හාල්වත්ත ප්‍රදේශයේදී බස් රථයක් මතට ගසක් කඩා වැටී තිබෙනවා.

එම අනතුරෙන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ. 

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මතට මෙසේ ගසක් කඩාගෙන වැටී තිබෙනවා.
 
එමෙන්ම බස් රථයේ ගමන් ගත් තවත් පුද්ගලයන් 10දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)