06 November 2025

logo

වැලිගම නව සභාපති තේරීමට දින දෙයි



වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරා පත්කර ගැනීම එළඹෙන 28වනදා සිදු කිරීමට තීරණය කර තිබෙනවා. 

ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකරව පසුගිය ඔක්තෝබර් 22 වනදා ප්‍රාදේශීය සභාවේ සභාපති නිලමැදිරිය තුළදී වෙඩිතබා ඝාතනය කළා.



(colombotimes.lk)